Thursday 4 July 2013

සෝනි ෆෝන් එක ඔන් වෙන්නේ නැද්ද, ලෝගො එක ගාව නතර වෙලාද - එහෙනම් ගෙදරදීම හදාගමු

ෆෝන් එකට වැඩ දාන්න ගියාම ලිම්ට් එකකට දාන්න ඕනේ
රොමක් ගහනවානම් ගහන්න කලින් ඒ ගැන හැම දේම කියවන්න ඕනේ
තව දාපු කට්ටිය ඉන්නවානම් එයාලගෙන් අහලා බලලා වැඩේ කරන්න

දැනගන්න ඕනෙමනම් බුකියේ ඉන්න අය මෙතනින් හරි මෙතනින් හරි අහලා බලන්න

ඔය මුකුත් නැතිව දාලා හිර උනු කට්ටියටයි මේ පෝස්ට් එක ලියන්නේ

බලන්න ෆෝන එක මෙන්න මෙහෙම හිර වෙලාද කියලා


Wednesday 3 July 2013

BOOTLOADER UNLOCKING for SONY

BOOTLOADER UNLOCKING for SONY
(ටෙස්ට් කලේ සොනි P එකෙන්)


  • පලවෙනියටම මුල ඉදන් අගටම කියවන්න හොදේ 
  • කියලා තියෙන ඒවා ඒ විදිහටම කරන්න
  • වොරන්ටි අවලංගු වෙන බව මතක තියාගන්න 
  • අවශ්‍යතාව ඇති අය විතරක් කරන්න 
  • ඔෆිෂියලි දෙන අප්ඩේට් ගන්න බෑ BOOTLOADER UNLOCK කරාම
  • බයවෙන්න එපා අපිට ෆ්ලෑස් කරගන්න පුලුවනි ඕනෑම අප්ඩේට් එකක් 

Tuesday 2 July 2013

FLASH TOOL ස්ථාපිත කරගමු සෝනි අය

සෝනි අයගේ දුකේදි පිහිටවන හොදම යාලුවා තමා ෆ්ලෑස්ටූල් කියන්නේ
මෙයාගෙන් අපිට ලැබෙන ප්‍රධාන උදවු


  •  අප්ඩේට්ස් බයක් නැතිව ෆ්ලෑස් කරගන්න පුලුවනි 
  •  පහසුවෙන් රූට් කරගන්න පුලුවනි 
  •  බූට් ලෝඩර් අන්ලොක් කරගන්න පුලුවනි


+++++What is the Bootloader +++++ බූට් ලෝඩරය යනු

1.මොකක්ද මේ bootloader කියන්නේ .......?


ජංගම දුරකථනය ක්‍රියාත්මක වීමේදි දෘඩාංග ආරම්භ කිරිම,මෙහෙයුම් පද්ධතියේ ස්ථායි බව සහතික කිරිම,මෙහෙයුම් පද්ධතිය ආරම්භ කිරිම වගේ ගොඩාක් දේවල් වලට වැදගත් වෙන දෙයක් තමයි bootloader එක කියන්නේ. 
දුරකථනයේ ඇති මෘදුකාංග මගින් එහි දෘඩාංග වලට හානියක් නොවන සේ දුරකථනය පන ගැන්වීම සහතික කිරිම සදහා මෙම ක්‍රියාවලිය වැදගත්ම වෙනවා.මේ නිසාම ගූගල් සමාගම Android operating System එකත් එක්ක Base bootloader එකක් ලබා දෙන අතරම ඒ ඒ දුරකතන සමාගම් වලට අවශ්‍ය පරිදි දුරකථන වලට ගැලපෙන පරිදි මෙය  වෙනස් කිරිමට අවසර දී තිබෙනවා.
සාමානයෙන් අපි දුරකථනයක් මිලදි ගද්දි bootloader එක ලොක් කරලයි තියෙන්නේ(සැම්සුන් එහෙම නෑලු).එහෙම කරන්නේ අපේ පඩි වැඩ නිසා හරි නොදන්න කම නිසා හරි මෙහෙයුම් පද්දතියේ ස්ථාවර බව බිද වැටීම වළක්වා ගැනීමටයි.