Thursday 4 July 2013

සෝනි ෆෝන් එක ඔන් වෙන්නේ නැද්ද, ලෝගො එක ගාව නතර වෙලාද - එහෙනම් ගෙදරදීම හදාගමු

ෆෝන් එකට වැඩ දාන්න ගියාම ලිම්ට් එකකට දාන්න ඕනේ
රොමක් ගහනවානම් ගහන්න කලින් ඒ ගැන හැම දේම කියවන්න ඕනේ
තව දාපු කට්ටිය ඉන්නවානම් එයාලගෙන් අහලා බලලා වැඩේ කරන්න

දැනගන්න ඕනෙමනම් බුකියේ ඉන්න අය මෙතනින් හරි මෙතනින් හරි අහලා බලන්න

ඔය මුකුත් නැතිව දාලා හිර උනු කට්ටියටයි මේ පෝස්ට් එක ලියන්නේ

බලන්න ෆෝන එක මෙන්න මෙහෙම හිර වෙලාද කියලා




ආව් මාර ලස්සනයි නේ

හරි අපිට මෙහෙම උනාම ඕනේ වෙනවා ෆ්ලෑස් ටූල් එක

ඒ ගැන මෙතනින් කියවලා ඒ විදිහටම කරගන්න

අවධානම ඔබ සතුවේ හොදේ  

හරි නේ දැන් ෆෝන් එකේ firmware එක් ඕනේ ඒක එක එක ෆෝන් එකට වෙනස් වෙනවානේ

ඔයාට ඕන කරන ඕන firmware එකක් XDA එකෙන් හොයාගන්න පුලුවන් බැරිමනම් මට කියන්න මම හොයලා දෙන්නම්

ඒ ගත්ත firmware  එක(.FTF ෆයිල් එකක් තියෙන්නේ හොදේ) C:\Flashtool\firmwares කියන ෆෝල්ඩරයට දාගන්න

හරිනේ

දැන් ෆ්ලෑස් ටූල් එක run as administrator දීලා රන් කරගන්න 

දැන් මේ කියන ටික හරියටම කියවලා කරන්න 
කරන්ට් ගියොත් හරි වැරදුනොත් හරි ඉවරයි ඔන්න 
පරිගණකයේ යූපිඑස් එකක් නැත්නම් මේ වැඩේට ට්‍රයි කරන්නවත් එපා 

INFO - Device disconnected කියලා වැටුනට පස්සේ අකුණ ලකුණ ඔබන්න

දැන් මෙන්න මෙහෙම බොක්ස් එකක් එයි


මෙන්න මේ බොක්ස් එකේ තෝරලා තියෙන විදිහටම FLSH MODE දීලා ඕකේ කරන්න 

හරි දැන් එනවා මෙහෙම බොක්ස් එකක් 



මේකේ ඔයාගේ ෆෝන් එකට අදාල firmware එක තෝරලා ඔය ටික් දාලා තියෙක ඒවා පහල පින්තූරේ විදිහට හදා ගන්න


මේ විදිහටම ටික් තියෙන්න ඕනේ නැත්නම් ඉවරයි හොදේ

Wipe data 
Wipe cache  
Exclude partition 
No final verification 

හරිනේ 

දැන් ඕකේ කරන්න 

ටිකක් වෙලා ගිහින් මෙන්න මෙහෙම බොක්ස් එකක් එයි




හරි දැන් ෆෝන් එක FLSH MODE විදිහට කනෙක්ට් කරන්න පරිගණකය 

කනෙක්ටි කරපු ගමන් ෆ්ලෑස් වෙයි 

ගත්තේ නැත්නම් ෆෝන්  එකේ බැටරිය ගලවලා ආයෙත් දාලා ට්‍රයි කරන්න 

දැන් ඉතින් මෙහෙම ෆ්ලෑස් වෙයි 






ෆ්ලෑස් වෙලා ඉවර උනාම මෙන්න මෙහෙම වැටෙනවා


දැන් මෙහෙම වැටුනට පස්සේ ෆෝන් එක ගලවලා ඔන් කරන්න 

පලවෙනි පාර ඔන් වෙන්න ටිකක් වෙලා යනවා

ඒ හන්දා ඒ අතරතුර බැටරි ගලවන්න, රීස්ටාට් කරන්න එහෙම හදලා ෆෝන් එක මරාගන්න  එපා 

ඔන් වෙනකන් ඉවසන් ඉන්න 

හරි වැඩේ ගොඩ

බූට් ලෝඩර් අන්ලොක් අය අප්ඩේට්ස් දාගන්න ඕනේ මෙන්න මෙහෙමම තමා 


එහෙනම් ජයවේවා 

4 comments:

  1. hodai machan,,,Boot Loop ekak awama Phn Eka off karaganna vidiya/bettrya galawana vidiya ehema Pic ekka thibbanam thawath maxxa

    ReplyDelete
  2. බොහෝම ස්තූති සහෝදරයා
    ඔබ වෙනුවෙන් එය එක් කරන්නම්

    ReplyDelete
  3. Mata boot loader eka unlock karana hati kiyannako. ahana natiwa custom rom gahanna barida?
    phone eka xperia mini

    ReplyDelete
  4. මේකයි සමහර රොම් ගහන්න boot loader unlock කරන්න ඕනේ
    ඒත් සමහර ඒවට එහෙම නෑ
    අන්ලොක් කරන විදිහ >>> http://pathumsumanaena.blogspot.com/2013/07/bootloader-unlocking-for-sony.html

    ReplyDelete