Wednesday 3 July 2013

BOOTLOADER UNLOCKING for SONY

BOOTLOADER UNLOCKING for SONY
(ටෙස්ට් කලේ සොනි P එකෙන්)


  • පලවෙනියටම මුල ඉදන් අගටම කියවන්න හොදේ 
  • කියලා තියෙන ඒවා ඒ විදිහටම කරන්න
  • වොරන්ටි අවලංගු වෙන බව මතක තියාගන්න 
  • අවශ්‍යතාව ඇති අය විතරක් කරන්න 
  • ඔෆිෂියලි දෙන අප්ඩේට් ගන්න බෑ BOOTLOADER UNLOCK කරාම
  • බයවෙන්න එපා අපිට ෆ්ලෑස් කරගන්න පුලුවනි ඕනෑම අප්ඩේට් එකක් 

කරන්න කලින් මේ කියන්නේ 

දුරකතනයේ සියලුම දත්ත මැකි යනවා හොදේ.msgs,contacts,apps, වගේ ඒවා
ඒ හන්දා ඕනේ ඒවා අරන් පරිස්සමට තියලා ගේමට බහින්න  

1. දුරකතනයෙහි BOOTLOADER UNLOCK  කල හැකිදැයි සෙවීම.

ගන්න දුරකතනය අතට ගහන්න මේ කෝඩ් එක (කෝල් ගන්න තැනට ගිහින් හොදේ)

                            *#*#7378423#*#*

ඊට පස්සේ මේ විදිහට යන්න


                     service info >>> configuration
දැන් ඔය යටම තියෙන  rooting status පහල පින්තූරේ විදිහටද තියෙන්නේ බලන්න


මෙහෙම තියෙනවානම් විතරයි අන්ලෝක් කරන්න පුලුවන් වෙන්නේ හොදේ

මෙහෙම තියෙන  අය විතරක් මෙතනින් පහලට බැලුවත් කමක් නෑ

පලවෙනියට USB debugging mode එක ඔන් කරන්න

Settings>>>>developer options

unknown sources එක ඔන් කරන්න

Settings>>>>security



හරි දැන් බලන්න ඔයාලගේ ඉමි එක

              *#06#
ඉමි එක ලියලා තියාගත්තත් කමක් නෑ





හරි දැන් අපිට ඕනේ වෙනවා ෆ්ලෑස් ටූල් එක

මෙන්න කලින් පෝස්ට් එකට ගිහින් ෆ්ලෑස් ටූල් එක ස්ථාපිත කරගන්න විදිහ එහෙම බලාගන්නකෝ

දැන් ෆ්ලෑස් ටූල් එක ඕපන් කරගන්න කලින් ෆෝන් එක පරිගණකයට සම්භන්ධ කරගන්න
ඊට පස්සේ තත්පර 30 වගේ ඉදලා ෆ්ලෑස් ටූල් එක run as administrator දීලා ඕපන් කරන්න

Computer>>c>>flashtool>>flashtool.exe>>run as administrator



හරි දැන් මෙහෙම ඕපන් වෙයි ෆ්ලෑස් ටූල් එක


ටිකක් වෙලා ඉදලා ෆෝන්  එක ගලවන්න (විනාඩියක්වත් ඉවසලා ඉන්න, ඔක්ටකොම රීඩි කරනකන්)
(මෙන්න මේ  ටික රීඩ් කරලා ඉවර වෙනකන්  ගලවන්න එපා ඕන් 
07/021/2013 08:21:17 - INFO - <- This level is successfully initialized
07/021/2013 08:21:17 - INFO - Flashtool Version 0.9.0.0built on
2012-07-19 22:57:15 07/021/2013 08:21:17 - INFO - You can drag and drop ftf files here to start flashing them
07/021/2013 08:21:24 - INFO - Device connected with USB debugging on
07/021/2013 08:21:25 - INFO - Connected device :
LT22 07/021/2013 08:21:25 - INFO - Installed version of busybox : N/A
07/021/2013 08:21:25 - INFO - Android version : 4.1.2 / kernel version : 3.0.8+ )

ගලවපුවම මෙහෙම වැටෙනවා


හරි දැන් මෙන්න මේ මම කියන විදිහට යන්න
plugging >>> bootloader unlock >>> run



මෙහෙම දුන්නු ගමන් කියයි ෆෝන් එක fastboot විදිහට  කනෙක්ට් කරන්න කියලා

එතකොට ඔයාලගේ ෆෝන් එක fastboot විදිහට පරිගණකයට සම්භන්ධ කරන්න

(ගත්තේ නැත්නම් කලබල වෙන්න එපා, පලවෙනියට Flash mode විදිහට  කනෙක්ට් කරලා ගලවලා ආයෙත් Fast boot විදිහට කනෙක්ට් කරන්න )

මෙන්න මෙහෙම බොක්ස් එකක් එයි එතකොට


අපි අන්ලොක් කෝඩ් එක දන්නේ නෑනේ ඒ හන්දා Get unlock code එක ඔබන්න

මේ වෙලාවේ අන්තර්ජාල දෙයියා අවශ්‍යයි හොදේ

ඔබපුවාම ඔයාලා සෝනි පේජ් එකට ඇතුලු වෙයි

පලවෙනියමට හොදට කියවන්න
ඊට පස්සේ next next කරපුවාම මෙන්න මෙහෙම පේජ් එකකට එයි


මේකේ අදාල තැන් වලට ටික් දාන්න
ටික් දෙකම දාන්න ඕනේ හොදද
ඊට පස්සේ I accept එක ඔබන්න

එතකොට මෙහෙම පේජ් එකකට එනවා




මෙතන ඔයාලගේ ඇත්ත විස්තර දාන්න
මොකද දන්නවද
ඇතුලත් කරපු ඊමේල් ඇඩ්රස් එකට තමා අන්ලොක් කෝඩ් එක එන්නේ

මෙතන ඉමි එක ඇතුලත් කරද්දි මෙන්න මේ ටික මතක තියාගන්න

ඉමි එක අංක 15 කින් යුක්තයි. ඒත් අපි මෙතන ගහන්න ඕන් අංක 14 ක් විතරයි.
ඒකට ඔයාලවේ ඉමි එකේ අන්තිම අන්කය ඉතිරි කරලා අනිත් අන්ක 
14 ගහන්න
මෙන්න මේ වගේ

123456789012345 >>> original imei
[12345678901234] (5 නැතුව) >>> ටයිප් කරන්න ඕන ඉමි එක

හොදට කියවලා කරන්න වැරදුනොත් සොරි තමා 

ඊට පස්සේ Submit කරන්න

ඔයාලා ඇතුලත් කරපු මේල් එකට ගිහින් චෙක් කරන්න

අන්ලොක් කෝඩ් එක ඇවිත් ඇති


මෙතන තියෙන කෝඩ් එක කොපි කරගන්න
ඊට පස්සේ අර බොක්ස් එකේ අන්ලොක් කොඩ් කියන තැන පේස්ට් කරලා අන්ලොක් බට්න් එක ඔබන්න

කොඩ් එක හරිනම් අන්ලොක් වෙයි මෙන්න මෙහෙම


දැන් වැඩේ ගොඩ

චෙක් කරන්න ඕනේනම්

 service info >>> configuration ගිහින්  rooting status චෙක් කරන්න 
අන්ලොක් වෙලානම් මෙන්න මෙහෙම වැටෙනවා 



විනාඩි 5ක්වත් යන වැඩක් නෙවේ හරියට කලානම්
කියවලා බලලා හරියට කරන්න

සම්පූර්ණ වගකීම ඔබ සතුවේ 



තවත් දවසක සෙට් වෙමු එහෙනම් ජය වේවා

අදහස් මට දන්වන්න හොදේ

No comments:

Post a Comment