Tuesday 2 July 2013

+++++What is the Bootloader +++++ බූට් ලෝඩරය යනු

1.මොකක්ද මේ bootloader කියන්නේ .......?


ජංගම දුරකථනය ක්‍රියාත්මක වීමේදි දෘඩාංග ආරම්භ කිරිම,මෙහෙයුම් පද්ධතියේ ස්ථායි බව සහතික කිරිම,මෙහෙයුම් පද්ධතිය ආරම්භ කිරිම වගේ ගොඩාක් දේවල් වලට වැදගත් වෙන දෙයක් තමයි bootloader එක කියන්නේ. 
දුරකථනයේ ඇති මෘදුකාංග මගින් එහි දෘඩාංග වලට හානියක් නොවන සේ දුරකථනය පන ගැන්වීම සහතික කිරිම සදහා මෙම ක්‍රියාවලිය වැදගත්ම වෙනවා.මේ නිසාම ගූගල් සමාගම Android operating System එකත් එක්ක Base bootloader එකක් ලබා දෙන අතරම ඒ ඒ දුරකතන සමාගම් වලට අවශ්‍ය පරිදි දුරකථන වලට ගැලපෙන පරිදි මෙය  වෙනස් කිරිමට අවසර දී තිබෙනවා.
සාමානයෙන් අපි දුරකථනයක් මිලදි ගද්දි bootloader එක ලොක් කරලයි තියෙන්නේ(සැම්සුන් එහෙම නෑලු).එහෙම කරන්නේ අපේ පඩි වැඩ නිසා හරි නොදන්න කම නිසා හරි මෙහෙයුම් පද්දතියේ ස්ථාවර බව බිද වැටීම වළක්වා ගැනීමටයි.

2. Bootloader unlock කරනවා කියන්නේ මොකක්ද??


මතකනේ රූට් කලාම අපිට ලැබෙන වාසි.ෆෝන් එක නිකන් අපේ වගේ පාවිච්චි කරන්න පුලුවන්නේ.අපිට ඕනේ ඕනේ දේවල් බය නැතිව වෙනස් කරන්න පුල්වන්නේ.අන්න ඊටත් වඩා දේවල් අපිට මෙහිදි කරගන්න පුලුවනි.Kernal එකක් මාරු කරගන්න(Flash කරගන්න) අපි අන්වාර්යෙන්ම Bootloader unlock කරලා තියෙන්නම ඕනේ.සෝනි පී කස්ටිය දන්නවානේ කර්නල් වල වැදගත්කම හොදටම.


3. Bootloader unlock කිරිමෙන් දුරකතනයේ වේගය වැඩි වෙනවද??


අයියෝ නෑ නෑ.ඒත් ඔයාලට Over clock කරගන්න පුලුවනි.එහෙම කරොත්නම් වේගේ වැඩිකරගන්න පුලුවනි ඒ වගේමයි දුරකතනය මරුවා ලගට යෑමත් වේගවත්ව සිදු කරගන්න පුලුවන් වෙනවා.

4. දුරකථනයේ  Bootloader unlock කිරිම කල යුතුමද???

අපෝ නෑ.ඒ වගේමයි කලින් කරපු අයගෙන් අහගෙන ඒකට අවශයතාව තියෙනවානම් විතරක් කරන්න.මතක ඇතුව කියලා තියෙන හැම පියවරක්ම එකක් නෑර කියවලා හොදට තේරුම් අරන් කරන්න.වැඩේ ගැස්සුනොත් හබක් මචන්ලා.
කොහොම හරි Custom ROM(Stock kernal එකේන් බූට් නොවන ඒවා හොදේ )Flash කිරිමට අවශ්‍යනම් Bootloader unlock කිරිම අනිවාර්ය වේ.


5. Bootloader unlock කිරිම ගැන තරයේ සිහිතබා ගත යුතු දේවල්


*දුරකතනයේ වගකිම අහෝසි වේ..(අවුලක් නෑ ආයේ ලොක් කරගන්න පුලුවන්)

* Bootloader unlock කිරිම මගින් Custom ROM/ Custom kernel එකක් Flash කරගත හැකියි.

* සාමාන්‍ය ක්‍රම වලින් රූට් කල නොහැකි ඕනෑම Firmware එකක් රූට් කල හැකියි.

* Bootloader unlock කිරිම මගින් දුරකථනයේ දත්ත නැති වී යයි.එම නිසා අවශය දත්ත ගබඩා කරගන්න මතක ඇතිවම.ඒත් මෙමරි කාඩ් එකේ දත්ත වලට මුකුත් වෙන්නේ නෑ.

*DRM key නැවත ලබාගත් නොහැකි වනසේම මැකි යයි.
(DRM key ගැන දැනගන්න ගූගල් එකේ බලන්න ඈ)

3 comments:

  1. නියමයි ඈ..... සුපිරියටම පැහැදිලි කරලා තිනවා, බොක්කටම වැදුනා.

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ ආ

      Delete
  2. ade meka karana hati kiyhnko mge htc desire kochra root krana hdwuth root une na,kingo root eken krdi kiwa S eka off krana kiyala shick

    ReplyDelete